කුන්දුස් නගරය මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක්

Tuesday, 29 September 2015 - 20:44

%E0%B6%9A%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තලේබාන් සංවිධානය අත්පත් කරගත් උපාය මාර්ගික නගරයක් වන කුන්දුස් නගරය මුදාගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන හමුදා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. තලේබාන් සංවිධානය ඊයේ මෙම නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගත් අතර, මේ වනවිට ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදා එහි පිහිටි බන්ධනාගාරය සහ පොලිස් මූලස්ථානය මුදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මෙහෙයුමට ඇමරිකානු හමුදා ගුවන් ප්‍රහාරවලින්ද සහය ලබාදී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ වර්තමාන ජනාධිපති අෂ්රප් ගානි බලයට පත්ව වසරක් සම්පූර්ණ වුණු දිනයේ තලේබාන් සංවිධානය විසින් මෙලෙස කුන්දුස් නගරය අත්පත් කරගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories