ගාල්ල සහ මාතර 18,479කට පීඩා - අදත් වැසි

Wednesday, 30 September 2015 - 8:12

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+18%2C479%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 18,479 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අධික වැසිත් සමඟ මාතර - තුඩාව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මතට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් මොහු ඊයේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. එමෙන්ම දිස්ත්‍රික්ක 6කට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ පස්වරු දෙකේ සිට ක්‍රියාත්මක කළ නාය යාම් අවදානම තවදුරටත් පවතින බවයි ඔහු කියා සිටියේ. බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටයි මෙම නාය යාමේ අවධානම ක්‍රියාත්මක වන්නේ.

ගිං සහ නිල්වලා ගංඟා පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට ගං වතුර තත්ත්වයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි පවසනවා. ඇය කියා සිටියේ කළු ගෙඟ් ජල මට්ටම ඉහළ ගිය ද පිටාර මට්ටමට පැමිණ නොමැති බවයි.

මේ අතර, අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories