ශ්‍රී ලංකාව ගැන යෝජනාව අද මානව හිමිකම් මණ්ඩලයේ සාකච්ඡාවට

Wednesday, 30 September 2015 - 8:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව සාමාජික රටවල් ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද අදහස් දැක්වීමට නියමිතයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3 ත් 3යි 30 ත් අතර කාලයකදී ආරම්භ වනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අවසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන මානව හිම්කම් කඩවීම් පිළිබද සොයා බැලීම සදහා මිශ්‍ර අධිකරණයක් පිහිට විය යුතු බවට යෝජනා කර තිබුණා. එහෙත් මානව හිමිකම් පිළිබදව සොයා බැලීමට ලක් රජය යෝජනා කළ දේශීය යාන්ත්‍රණයට සහාය පළ කරමින් ඇමරිකාව ජීනිවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් සම අනුග්‍රහය දක්වන බව ද ප්‍රකාශ කළා. ඒ අතර  ඕස්ට්‍රේලියාව මෙන්ම පැරණි යුගොස්ලෝවියා ජනරජයන් දෙකක් වන මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකාව ද ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා.  

කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ද සැලකිල්ලට ගනිමින් දේශීය යාන්ත්‍රණයක් මාස 18 ක් ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ, ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම සඳහා පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වූ සැකිල්ල මේ වනවිට සකස් කර අවසන් බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. එම සැකිල්ලට අනුව ප්‍රධාන යෝජනා 4 ක් යටතේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories