Update: පාසල් සිසුවාගේ DNA වාර්තා අධිකරණයට

Wednesday, 30 September 2015 - 15:01

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+DNA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ අනෙක් සැකකරුගේ මුද්‍රා තැබූ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා පොලීසිය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. සැකකරුවන් දෙදෙනා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, එදිනට මෙම ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවයි  මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අද මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ, මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ මීට පෙර කර තිබූ නියෝගයකට අනුවයි.

පෙරේදා මීට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පොලිස් අත්අඩංගුවට සිටියදී සිසුවාට පහරදීමක් සිදුව ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව සිසුවා සහ අනෙක් සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට  යොමුකර වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළා. ඒ අනුවයි සැකකරුවන් දෙදෙනා අද මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.



Update: Wednesday, 30 September 2015 - 19:01
-----------------------------------------------------

සේයාගේ ඝාතනයට අදාළ DNA පරීක්ෂණ වාර්තාවක්

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට අදාළ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවක් මීගමුව කොට්ඨාශ අපරාධ පරීක්ෂණ නිලධාරීන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරදී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ සැකකාර එක්දරු පියාගේ ඞී. එන්. ඒ. වාර්තා මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව එම වාර්තාවල ප්‍රතිඵල මීට අදාළ නඩුව යළි විභාගයට ගන්නා ඔක්තෝම්බර් 2 වනදා ප්‍රකාශයට පත් කරන බව මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories