ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ඇමරිකානු යෝජනාව විවාදයට - රටවල් 29 ක සහය

Thursday, 01 October 2015 - 7:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+29+%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය ඇති කිරීමට ශ්‍රී ලංකා රජය උසස්ම ප්‍රමුඛතාව ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා.

මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කර  ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඊයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනුනා. එම විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

විවාදයට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය අමතනු ලැබුවා.

මෙහිදී විවාදයට එක් වෙමින් යුරෝපා සංගමය, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජපානය, ඇමරිකාව ඇතුලූ රටවල් 29 ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දැක්වූවා.  

මේ අතර උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, ආනන්දි ශෂිදරන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද සැසිවාරයට එක්වෙමින් අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ලබාදුන් දේශපාලන විසඳුමක් ශ්‍රී ලංකා රජය පිළිගත යුතුය යන්නයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අවසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන මානව හිම්කම් කඩවීම් පිළිබද සොයා බැලීම සදහා මිශ්‍ර අධිකරණයක් පිහිට විය යුතු බවට මීට පෙර යෝජනා කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories