අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය කිලෝමීටර් 13ක් ඈත ගල් ගුහාවට ගියේ කොහොමද

Thursday, 01 October 2015 - 7:41

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA++%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF
පුත්තලම - කළුවරගස්වැව ප්‍රදේශයේ අතුරුදන්වී සිටි වයස අවුරුදු 3 ක පමණ දැරියක් තබ්බෝව රක්ෂිතයේ සිටියදී පොලීසිය ඊයේ (30) සොයාගත්තා. ඒ, ගම්වාසීන් සහ පොලීසිය එක්ව පැය 12 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි. මෙලෙස අතුරුදන්ව සිටියේ පුත්තලම - කළුවරගස්වැව - පහරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3 ක පමණ වූ දැරියක්. පෙරේදා පස්වරු 4 ට පමණ දැරිය මව සමඟ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී නිවසින් පිටතට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඉන් ටික වේලාවකට පසු දැරිය නොමැති බව පවසමින් මව සහ අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බලා ඇති අතර, ඉන් අනතුරුවයි පොලීසිය දැනුවත් කර ඇත්තේ.  

කෙසේ වෙතත් දැරිය සෙවීමේ නිරතවූ පිරිසට ඊයේ අලූයම නිවසේ සිට කිලෝමීටර් 13 ක් පමණ ඈතින් තබ්බෝව රක්ෂිතයේ සිටියදී දැරිය හමුවුණා. පොලිසිය සඳහන් කළේ දැරිය රක්ෂිතයට ගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නොමැති බවයි. මේ වනවිට අදාළ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories