Update : කොටදෙණියාවේ සිසුවා සහ එක්දරු පියා නිදහස්

Thursday, 01 October 2015 - 11:35

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනයට සැකපිට රිමාන්ඞ් භාරයේ සිටි 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ අද (01) නිදහස් කළා. මොවුන් දෙදෙනාගේ ඞී.එන්.ඒ. වාර්තා දැරියගේ ඞී.එන්.ඒ. වාර්තා සමඟ නොගැලපෙන බවයි විනිසුරුවරයා අද පෙරවරුවේ විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ. ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද දිනයේම නිදහස් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. එහිදී විනිසුරුවරයා මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියෝගයකට අනුව ඔවුන් අද (01) දහවල් අධිකරණයට රැගෙන ආ අතර, ඉන් අනතුරුවයි විනිසුරුවරයා සැකකරුවන් නිදහස් කිරීමට නියෝග කළේ.

මොවුන් දෙදෙනාගේ මුද්‍රා තැබූ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව පොලිසිය ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ අනුව නඩුව කැඳවීමට නියමිතව තිබුණේ හෙට දිනයේයී. කෙසේ වෙතත්, අදාළ නඩුව අද දිනයේ කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

නඩුව කැදවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ පරීක්ෂණ සිදුවූ ආකාරය පිළිබඳව අධිකරණයට ද ප්‍රශ්ණයක් වූ බවයි. වරක් කොටදෙණියාව පොලිසියෙන් ලබා ගන්නා නියෝගයම තවත් වරක් රහස් පොලිසියෙන් පැමිණ ලබා ගන්නා තත්ත්වයක් පැවතීම අවුල් සහගත බවද විනිසුරුවරයා මෙහිදී කියා සිටියා. මෙම තත්ත්වය යටතේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට පමණක් බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර මරා දමා තිබියදී ඇයගේ සිරුර නිවස අසල ඇල ඉවුරක තිබී හමුවූයේ පසුගිය 13 වැනිදායි. මෙම ඝාතනයට පළමුව 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 31 හැවිරිදි එක්දරු පියෙකු පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා මේ මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද දිනයේ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට පැහැදිලි කළ 17 හැවිරිදි පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ ප්‍රධාන නීතීඥ නිමල් රණසිංහ කියා සිටියේ මෙම පාසල් සිසුවා කොටදෙණියාව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ වැරදි ආකාරයට බවයි.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පැහැදිලි කිරීමට පොලිසිය පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර කියා සිටියේ කිසිවෙකු හිරිහැර කිරීමට හෝ අභූත චෝදනා එල්ල කිරීමට අවශ්‍යතාවයක් පොලිසියට නොතිබුණු  බවයි.

කෙසේ වෙතත් 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ මව ප්‍රශ්න කර සිටියේ තම පුතුට සිදු වූ අපහාසයට වගකියන්නේ කවුරුන්ද යන්නයි.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද නිදහස් ලැබූ පාසල් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ගොනු කළා.




Thursday, 01 October 2015 - 13:15
------------------------------------------

කොටදෙණියාවේ පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීමට නියෝගයක්

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින 17 හැවිරිිදි පාසල් සිසුවා සහ එක්දරු පියාගේ ඞී එන් ඒ වාර්තා දැරියගේ ඞී එන් ඒ වාර්තා සමඟ නොගැලපෙන බව මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඒ අනුව එම සැකකරුවන් නිදහස් කිරීම සඳහා අද දිනයේම අධිකරණයට රැගෙන එන ලෙසයි විනිසුරුවරයා මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ. ඒ, රහස් පොලීසිය මෙම දෙදෙනා නිදහස් කරන ලෙස අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් භාරයට පත් කර සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගේ සහ එක්දරු පියාගේ මුද්‍රා තැබූ ඞී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව පොලීසිය ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ අනුව නඩුව කැඳවීමට නියමිතව තිබුණේ හෙට දිනයේයි. කෙසේ වෙතත් අදාළ නඩුව  අද දිනයේ කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories