අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් යළි රිමාන්ඩ්

Friday, 02 October 2015 - 10:58

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඞ් සිද්දික් මේ මස 16 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මොහුට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥයින් ඉල්ලීමක් කළ නමුත් ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විරෝධය පළ කළා. රහස් පොලිස් නිලධාරින් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතීපතිවරයාගේ උපදෙස් නොමැතිව සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි. පාකිස්ථානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සිද්දික් පසුගිය මාර්තු 16 වනදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories