ගාල්ල රිච්මන්ඞ් විදුහලේ 3 ශ්‍රේණියේ සිසුවෙකු දුම්රියක ගැටී මිය යයි

Friday, 02 October 2015 - 14:34

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+3+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගාල්ල - රිච්මන්ඞ් කන්ද දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී බරපතල තුවාල ලැබූ රිච්මන්ඞ් විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 8 හැවිදිරි සිසුවා ජීවිතක්ෂයට පත්වුණා. ඒ, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. පසිඳු තීක්ෂණ නමැති මෙම සිසුවා සහ තවත් සිසුන් 4 දෙනෙකු, පාසල නිමවීමෙන් පසු ඔවුන්ගේ පාසල් වෑන් රථයේ රියදුරු විසින් පාසල් ගේට්ටුව අසළ සිට වෑන් රථය ගාල් කර තිබූ ස්ථානයට කැදවාගෙන එමින් සිට තිබෙනවා. වෑන් රථය ගාල් කර තිබී ඇත්තේ දුම්රිය ගේට්ටුවෙන් පිටතට වන්නටයි. ගේට්ටුව වසා තිබුණ නිසා රියදුරා සිසුන් 5 දෙනා ගේට්ටුව අසළ රදවාගෙන සිට ඇති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේදී තුවාල ලැබූ සිසුවා එක්වරම දුම්රිය මාර්ගය හරහා දිව ගොස් තිබෙනවා. එහිදී දුම්රියේ ගැටුණු ඔහු රෝහල්ගත කෙරුණේ බරපතල තත්ත්වයෙන්. මිය පසිඳු තීක්ෂණ වදුරඹ - ලේල්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, රත්නපුර - කහවත්ත - පනාවැන්න ප්‍රදේශයේ දී වයස අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට අලංකාරයට සකසා තිබූ පොකුණකට ඇද වැටී අද මිය ගොස් තිබෙනවා. කහවත්ත රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලට ගෙන එන විටත් කුඩා දරුවා මිය ගොස් සිටි බවයි. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories