Update: අධිවේගය යළි ඇරේ

Friday, 02 October 2015 - 16:55

Update%3A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A
නායයාමේ අවදානමක් හේතුවෙන් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර අතර කොටස අද පස්වරුවේ විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වන කිලෝමීටර් කණුව අවට නායයෑම් අවදානම් මතුවීම හේතුවෙන් මාර්ගය වසා දමා තිබුණේ කොක්මාදූව ප්‍රදේශයෙන්.

මේ අතර, අද දහවල් මෙම නාය යාමේ තර්ජනයට ලක්ව ඇති ස්ථානය නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද පැමිණියා. එහිදී ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නාය යාමේ අවදානම් මතු වූ ස්ථානයට පිළියම් යෙදීමේ වියදම අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් දැරිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories