ශ්‍රී ලංකාව ජිනිවා න්‍යාය පත්‍රයෙන් ඉවත් කර හිඟන්නාගේ තුවාලය සුව කළා. - අගමැති රනිල්

Friday, 02 October 2015 - 19:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
දේශීය යාන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක කරන්නේ ජාතික සමගිය, සංහිඳියාව සහ සත්‍ය දැනගැනීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සාමය සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට කොළඹ දී අද පස්වරුවේ එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය දැන ගැනීමට උත්සාහ කරන්නේ කිසිවෙකු හංවඩු ගැසීමට නොවන බවයි. එහිදී තවදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයෙන් ඉවත් කර හිඟන්නාගේ තුවාලය සුව කිරීමට වත්මන් රජයට හැකි වූ බව ද අවධාරණ කළා.

මේ අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස්දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යනවා. අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේදී ජපානයේ කියොතෝ නුවර පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණ සංගම් වාර්ෂික සැසිවාරයේ ආරම්භක උත්සවය අමතා විශේෂ දේශණයක් ද පවත්වනු ඇති.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහල පෙළේ නායකයින් රැසක් හමුවී ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට ද නියමිතයි. එමෙන්ම ජපාන අධිරාජ්‍යයා සහ අධිරාජිණිය ද අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුව ද අමතන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. එමෙන්ම අගමැතිවරයා සිය සංචාරය අතරතුරදී ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් මෙන්ම ව්‍යාපාරිකයන්ද හමුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories