70% කළ වාහන ලීසිං පහසුකම 90% දක්වා ඉහළට

Friday, 02 October 2015 - 19:25

70%25+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+90%25+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වාහන සඳහා මූල්‍ය ආයතන ලබාදෙන ලීසිං හෙවත් කල්බදු පහසුකම් සීමාව සියයට 70 සිට සියයට 90 දක්වා අද සිට ඉහළ දැමූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රජයේ මීළඟ අයවැය ඉදිරිපත් කරන තෙක් මෙය වලංගු වන බවයි. මීට පෙර වාහන සඳහා එහි සම්පූර්ණ මිල වෙනුවෙන්  ලීසිං පහසුකම් ලබාදුන් අතර පසුගිය දා රජය තීරණය කළේ එය සියයට 70 දක්වා පහත හෙලීමටයි. ඒ අනුව වාහනයේ වටිනාකමින් සියයට 30ක මුදලක් පාරිභෝගිකයා විසින් ලබාදිය යුතු වුණා. යළි අද සිට එය සියයට 10 දක්වා අඩු කළ බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories