දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙනු ඇතැයි විපක්ෂ නායක සම්බන්ධන් කියයි

Saturday, 03 October 2015 - 9:15

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුරු, නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඉදිරියේදී විසදුම් ලැබෙනු ඇතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළා. යාපනය ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විපක්ෂ නායකවරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර  එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

‘‘උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඉදිරියේදී විසදුම් ලැබෙයි කියලා මම විශ්වාසය පළ කරනවා. ජනවාරි 8 වන දායින් පස්සේ නැවත පදිංචිකිරීම් සිදුවනවා. ඒ සඳහා අවශ්‍ය ඉඩකඩම් පවා අපට දැන් ලැබිලා තියෙනවා. මම කියන්න  ඕනි දැන් මේ සියලූම පහසුකම් එක්ක උතුරේ ජනතාවගේ නැවත පදිංචි කිරීම් නියමිත පරිදි සිද්ධ වෙනවා කියලා. හැබැයි යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ තාමත් හමුදාව තුවක්කු අතේ තියාගෙන ඉන්නවා. මට හිතෙන්නේ ඔවුන් තුවක්කු තියාගෙන දැන් ඉන්න අවශ්‍ය නෑ කියලා. හැබැයි එහෙමයි කියලා ජනතාව බියට පත්වෙන්න  ඕනි නෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදි මේ සියලූ කරුණු ඇතුළත් වෙච්චි වාර්තාවක් තමයි සම්මත වුණේ.’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories