රවිනාථ නිවැරදියි - විදේශ අමාත්‍යාංශය කියයි

Saturday, 03 October 2015 - 10:12

%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ලක් රජයේ මතයට වඩා වෙනස් මතයන් ප්‍රකාශ කරන බවට නැගෙන චෝදනා විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඇතැම් පාර්ශව එවැනි වාර්තා ප්‍රසිද්ධියට පත් කර තිබූ බවයි. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ජිනිවා නුවර පැවැති සංවාද දෙකකදී අදහස් පළ කළා. එහිදී සිදුකළ ඇතැම් ප්‍රකාශ ලක් රජයේ ප්‍රතිපත්තිවලට පටහැනි බවටයි මාධ්‍ය වාර්තා පළ වූයේ. කෙසේ නමුත් විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මානව හිමිකම් මණ්ඩලයේ රටවල් මෙන්ම සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහභාගි වූ එම නිළ නොවන රැස්වීම්වලදී ඔහු අදහස් දැක්වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුම මත බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories