UPDATE: සේයා ඝාතනයේ සැකපිට අත්අඩංගුවට ගත්තේ 'කොණ්ඩයා' ගේ සහෝදරයා

Saturday, 03 October 2015 - 16:31

UPDATE%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%27%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%27+%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු - දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' ගේ - සහෝදරයා බව පොලිසිය කියයි. සැකකරු අද (03) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අතුරුව පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.



කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර මරා දමා තිබියදී ඇයගේ සිරුර නිවස අසල ඇල ඉවුරක තිබී හමුවූයේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදායි. මෙම ඝාතනයට පළමුව 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 31 හැවිරිදි එක්දරු පියෙකු පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සැකපිට  අත්අඩංගුවට ගත්තා. පසුව, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පසුව ඔහු සේයා ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණයක් ද සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, කොටදෙනියාව සේයා සදෙව්මි ඝාතනයට සැකපිට පළමුව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ පෙරේදා දිනයේ නිදහස් කළා. ඒ ඔවුන්ගේ ඩී.එන්.ඒ. වාර්තා දැරියගේ ඩී.එන්.ඒ. වාර්තා සමඟ නොගැළපීම හේතුවෙන්. මෙහිදී සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ රහස් පොලිසියට පමණක් භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අධිකරණය මගින් නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පසුව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා.

මේ අතර, මෙම සිසුවාට සහ එක්දරු පියාට අත්අඩංගුවේ සිටියදී කොටදෙණියාව පොලිසිය පහරදුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.  

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොණ්ඩයාගේ පෙර වැරදි පිළිබඳ - වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පසුගිය දා පැහැදිලි කළේ මෙලෙසින් ....

" මෙම පුද්ගලයාට විරුද්ධව වේයන්ගොඩ පොලිස් ස්ථානයට වාර්තා වී ඇති ගව සොරකම් පිළිබදව නඩු 3 ක් තියෙනවා... ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ 2013.07.13 වන දින වයස අවුරුදු 15ක දැරියක් පැහැරගෙන යාමට තැත් කිරීම සම්බන්ධව හා සාපරාධී බලහත්කාරකම් පෑම සම්න්ධව චෝදනාවට වරදකරු වී වසරක සිර දඩුවමක් වසර 5 කට අත්හිටුවලා තියෙනවා.. තවත් 1999 වසරේ පුද්ගලයෙකුට කඩුවෙන් කපා පහර දීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනාවක් තියෙනවා.."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories