යහපාලනයට සහයවන්න - අගමැති ජපානයේදී ඉල්ලයි

Sunday, 04 October 2015 - 13:55

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අතීත ඛේදවාචකවල  සෙවනැලිවලින් මිදී සංවර්ධනය අත්කරගැනීම සඳහා ශ්‍රී  ලංකාව ඇතුලූ දකුණු ආසියාතික කලාපීය රටවලට සහය වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක ප්‍රජාව වෙතින් ඉල්ලීමක් කළා. ජපානයේ කියෝතෝ නුවර පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා අද මේ බව කියා සිටියේ. දකුණු ආසියාවේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සඳහා එක්වන්නැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමුළුව අමතමින් කියා සිටියා.

‘‘ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළින් තිරසාර සංවර්ධනයක් අත්කරගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. එය ඌණ සංවර්ධනයට පිළිතුරක් ලෙසයි අප දකින්නේ. විද්‍යා හා තාක්ෂණයට එහිදී හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඍජු විදේශීය ආයෝජන මෙන්ම බටහිර තාක්ෂණ ගලනයද ඒ සඳහා අවශ්‍ය වනවා. අනාගත පරපුර සඳහා ආයෝජනයකුයි අද අපි සිදුකරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ තාක්ෂණ විද්‍යායතන ජාත්‍යන්තරයේ සහයෙන් සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා. මම මෙහි සිටින ලෝක ප්‍රජාවේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ දකුණු ආසියානු කලාපයේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සඳහා එක්වන ලෙසයි.’’

ජපානයේ පස්දින නිල සංචාරයක් සඳහා ඊයේ අලූයම දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර හමුවක් ජපානයේ කියෝතෝ නුවරදී සිදුවුණා. ඒ, කියතෝ නුවරදී ආරම්භ වූ විද්‍යා හා තාක්ෂණ සමුළුවේදියි. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡා  ලබන 06 වනදා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතයි.

 ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව එහි සංචාරය කරන අග්‍රාමාත්‍යවරයා ජපාන අගමැතිවරයා මෙන්ම එරට අධිරාජ්‍යයා ද මුණගැසීමට නියමිතයි. ජපාන පාර්ලිමේන්තුව ඇමතීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංචාරයේ විශේෂ සිද්ධියක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories