Update: පාසල් සිසුවාට සහ එක්දරු පියාට පහර දීමේ චෝදනාව ගැන පොලිස්පති අතුරු වාර්තාවක් ඉල්ලයි

Sunday, 04 October 2015 - 15:06

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92++%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි තරුණයා සහ එක්දරු පියා කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අතුරු වාර්තාවක් ලබාදෙන්නැයි පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව මෙම පරීක්ෂණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත, උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටදෙනියාව පොලීසිය මගින් මොවුන්ට පහරදීමක් කර ඇද්දැයි විමර්ශනයේදී සොයා බැලෙන එක් කරුණක්. එසේම ප්‍රදීප් සෙනෙවිරත්න නමැති 17 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේ ද යන්න පිළිබඳව අදාළ විමර්ශනයේදී සොයා බැලෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

මේ අතර, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ සොහොයුරාගෙන් තවදුරටත් පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකරනවා. මොහු පෙරේදා දිනයේදී මීගමුව ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ඊයේ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරු පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට අවසර ලබා දුන්නේ.

දැනට සිද්ධිය සම්බන්ධයෙන් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැත්තා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර මොහු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බවට දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.


Update: Sunday, 04 October 2015 - 19:06
----------------------------------------------
කොටදෙණියාවේ සිසුවාගේ පැමිණිල්ල පිළිබඳව නියෝගයක්

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද 17 හැවිරිදි තරුණයා සහ එක්දරු පියා කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අතුරු වාර්තාවක් මේ මස 7 වනදාට ලබාදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියමයට අනුව මෙම පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අධීක්ෂණය යටතේ බස්නාහිර - උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල්.පී. කුළරත්න විසින් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ප්‍රදීප් සෙනෙවිරත්න නැමති 17 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේද යන්න පිළිබඳව විශේෂයෙන් මෙහිදී විමර්ශනය කෙරෙනු ඇති. එමෙන්ම මෙම පාසල් සිසුවාට සහ අනෙක් පුද්ගලයාට  කොටදෙණියාව පොලීසිය පහරදීමක් කර ඇති බවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනය කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories