හෙට සිට වැසි සමඟ සුළං - දකුණු අධිවේගයේ කොක්මාදූව සහ ඉමදූව අතර කොටස යළි වැසේ

Sunday, 04 October 2015 - 19:04

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A++%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B8%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
උතුරු සහ දකුණු අර්ධ ගෝලයෙන් පැමිණෙන සුළං හමුවන කලාපය දිවයිනට උතුරු දෙසින් පැවතීම නිසා හෙට සිට යළි වැසි සහ සුළං සහිත කාලගුණයෙහි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මෙම වැසි ඇතිවිය හැකි බවයි. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ද විටින් විට සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කළේ.

මේ අතර, නායයෑමේ අවදානමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය , කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස ගමනාගමනය සඳහා අද පස්වරුවේ යලි වසා දැමුණා. අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස අවදානමක් පැවතීම නිසා අද අලූයම ද අදාළ ප්‍රදේශය වසා දැමුණු අතර පසුව යළි අධිවේගී මාර්ගයේ එම කොටස ගමනාගමනය සඳහා යළි විවෘත කළා.       

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම ප්‍රදේශයට සඳහන් කළේ කොක්මාදූව සහ ඉමදූව අතර කොටසේ වර්ෂාමානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.                               

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදූව 114 කණුව ආසන්නයේ ඇති වී තිබෙන මෙම නායයාමේ අවදානම් තත්ත්වය නිසා ඒ අවට ප්‍රදේශවාසීන් ද පීඩාවට ලක්ව සිටිනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් ද කඩිනමින් දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories