හිටපු ජනපති මහින්දගෙන් හෙළිදරව්වක්

Sunday, 04 October 2015 - 19:21

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් හුවා දැක්වුවද තමන් එම මතයට එකඟ නොවන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රණය තුළ විදේශීය විනිශ්චයකරුවන්, විමර්ශන නිලධාරීන් සහ නීතිඥයන්ගේ සහභාගීත්වය තිබිය යුතු බවට සඳහන්ව ඇති බවයි. එමෙන්ම සම්මත වූ යෝජනාවේ මෙරට ආරක්ෂක හමුදා තුළ මානව හිමිකම් උල්ලංගණය කළ බවට සැක කෙරෙන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නොමැති වුවත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයන් ඉවත් කළ යුතු බවට සදහන්ව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මෙම යෝජනාවෙන් සිදුවී ඇත්තේ රටට අහිතකර මෙන්ම දේශපාලනික වශයෙන් ද ප්‍රායෝගික නොවන ක්‍රියාදාමයක ආණ්ඩුව සිරවීම බව ද හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ තවදුරටත් සදහන්. ජී.එස්.පී. ප්ලස් බදු සහනය සහ යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා මෙම නිවේදනයෙන් කරුණු දක්වා තිබෙනවා.

එසේම ලිබියානු හිටපු ජනාධිපති මුවමර් ගඩාෆි සමඟ තමන් සිටි ඡායාරූපයක් සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබදව ද හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් හෙළිදරව්වක් සිදුකළා.

2009 වසරේ යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ ලොව පැවැති ආර්ථිකය අවපාතයන් සමඟ මෙරට විදේශ සංචිත සීග්‍රයෙන් පහත වැටුණු බවයි එම නිවේදනයේ දැක්වුණේ. එහිදී තමන් ලබාදුන් එක් දුරකථන ඇමතුමකින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලිබියානු නායකයා ලබාදීමට එකඟ වූ බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එය සිදුනොවන්නට යුද්ධය ජය ගැනීමට පෙර ආර්ථිකය ඇණ හිටීමට ඉඩ තිබූ බවයි ඔහු කියා සිටින්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories