සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු අද - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් මේ සතියේ

Monday, 05 October 2015 - 7:38

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+-+5+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සදහන්කළා. ඊට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ. පසුගිය අගෝස්තු 23 වන දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 340,926ක්.

මේ අතර, 2014 - 2015 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අද (05) ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එම කොමිෂන් සභාව සඳහන් කළේ 2014 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එම කඩඉම් ලකුණු නිකුත් කෙරෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories