කතරගම ඇතුළු යාල අවට වනජීවි කාර්යාල සඳහා STF ආරක්ෂාව

Monday, 05 October 2015 - 8:31

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+STF+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
යාල වනෝද්‍යානයට සහ එම ප්‍රදේශය අවට පිහිටා ඇති වනජීවි කාර්යාලවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී ඇති බව පොලීසිය පවසනවා. කතරගම වනජීවි කාර්යාලයේ ආරක්ෂාවට පමණක් 40කගෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකායේ බලඇණියක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව කටගමුව, කොච්චිපතාන, ඔන්ඩච්චිය සහ පානම යන වනජීවි කාර්යාලවලට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේ.

යාල වනෝද්‍යානයේ දඩයමේ ගිය පුද්ගලයන් පිරිසකට වනජීවි නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පසුගිය සිකුරාදා එක් අයෙකු මිය ගියා. පොලීසිය ප්‍රකාශ කළේ අවි ගත් මෙම පුද්ගලයන් වනජීවි නිලධාරීන්ට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂාව සඳහා වනජීවි නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි. මිය ගිය පුද්ගලයා කතරගම - වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු වන අතර ගිනි අවිය සමඟ තවත් දෙදෙනෙකු එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා.  මේ අතර, එම පුද්ගලයාට වෙඩි තැබූ බව කියන වනජීවි නිලධාරියා තිස්සමහාරාම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයෙන් සහ එම ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් වනජීවි නිලධාරීන් වෙත තර්ජන එල්ල වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ප්‍රදේශයේ සාමය තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories