නවගත්තේගම "කබරයා" රක්ෂිතයට මුදා හැරේ

Monday, 05 October 2015 - 9:13

%E0%B6%B1%E0%B7%80%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8+%22%E0%B6%9A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%22+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
පුත්තලම - කරුවලගස්වැව - නවගත්තේගම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව බියට පත් කරමින් වගා හානි සිදුකළ කබරයා නමින් හඳුන්වන වන අලියෙකු වනජීවී නිලධාරීන් එක්ව රක්ෂිතයකට මුදාහැර තිබෙනවා. මෙම වන අලියා ඊයේ නවගත්තේගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටියදී ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත්තේ. ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් එක්ව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අලියා ගොඩට ගෙන රක්ෂිතයට මුදාහැර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අඩි 8 ක් පමණ උස මෙම වන අලියා වසර ගණනක් පුරා ප්‍රදේශයේ වගාබිම්වලට හානි සිදුකර ඇති බවයි. මේ අතර පොළොන්නරුව - වැලිකන්ද - මල්විල ගම්මානයට ඊයේ රාත්‍රියේ වන අලියෙකු කඩාවැදීම හේතුවෙන් ජනතාව බියට පත්වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වන අලියා නිවාස කිහිපයකට හානිකර එහි තිබූ වී ගෝනි කිහිපයක් ආහාරයට ගෙන ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories