Update: සේයා දියණිය අතවර කර මරා දැමූ හැටි, කොණ්ඩයාගේ අයියා හෙළි කරයි

Monday, 05 October 2015 - 10:39

Update%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා මේ මස 19 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදියිි. සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව මෙම සැකකරු ප්‍රකාශ කර ඇති බවයි රහස් පොලීසිය අද අධිකරණයට දැනුම් දුන්නේ.

නඩුව අද කැදවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ද බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙන එනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු සම්බන්ධයෙන් සිදුකළ ඞී.එන්.ඒ. පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා පසුගිය සෙනසුරාදා රහස් පොලීසිය අත්අඩංගුවට ගත් අතර එම සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවට අද ඉදිරිපත් කෙරුණේ මුල් වරටයි.

තමන් සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කළ බවත්, අනතුරුව ඇයව ඝාතනය  කළ බවත් සැකකරු පිළිගෙන ප්‍රකාශයක් කර ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. එසේම මෙම පුද්ගලයාව සේයා දැරිය ඝාතනය කර තිබූ ස්ථානයට රැගෙන ගිය බවත්, මොහු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවත් රහස් පොලීසිය, මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියා.

අනතුරුව තමන්ට මෙම සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදිය යුතු බව සැකකරු සඳහන් කළා. ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයක් විනිසුරු නිළ මැදිරියේදී ඔහු එම ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයා වෙත ලබාදුන් අතර, අනතුරුව නඩුව මහේස්ත්‍රාත්වරයා විසින් යළි කැදවනු ලැබුවා.

එහිදී රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කියා සිටියේ සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ බවයි. ඒ අනුව එහි වාර්තාව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කළා. සැකකරුට බන්ධනාගාරය තුළ දී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසට ද නියෝගයක් නිකුත් කරන ලෙස රහස් පොලීසිය, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි අතර, එවැනි නියෝගයක් තමන්ට ලබාදිය නොහැකි බැවින් මේ පිළිබඳව  බන්ධනාගාරය වෙත කරුණු දන්වා යවන බවයි මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ කියා සිටියේ.



Update: Monday, 05 October 2015 - 19:20
--------------------------------------------------------
සේයා ඝාතනයේ වගකීම කොණ්ඩයාගේ සහෝදරයා බාර ගනී

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර  සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවේ මීට අදාළ නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදියි.

පසුගිය සෙනසුරාදා මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් අද මුල් වරට අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොණ්ඩයා නැමැත්තා බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙනවිත් තිබුණා. මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොණ්ඩයා නැමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත් අධිකරණයේදී කියා සිටියේ තමන්ට ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චාරණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව තම නිල මැදිරිය වෙත සැකකරුව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළා.

එසේම ඔහු සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි රහස් පොලීසිය විනිසුරුවරයා හමුවේ කියා සිටියේ. ඊටද අවසර හිමිවුණා. දැනට අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා නැමැත්තාගේ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු ඔහුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක් දරු පියෙකු කොටදෙණියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව පසුව නිදහස් කෙරුණේ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා මියගිය දැරියගේ ඞී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව සමඟ නොගැලපීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories