ජාති, ආගම්, කුල - භේද අතහැර රටේ දුගීබව තුරන් කිරීමට එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සියලූ පාර්ශවයන්ට ආරාධනා කළා. ඒ, කිලිනොච්චි - ඉරණමඩු ප්‍රදේශයේ අද පැවැති ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.
මෙම අවස්ථාවට එක්වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ වත්මන් රජය පිළිබඳව තමන් දැඩි විශ්වාසයකින් පසුවන බවයි. අනතුරුව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් ඕනෑම ගැටළුවක් විසඳා ගත හැකි බවයි.
පසුව ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලූ කිහිපදෙනෙකු කුඹුරට බැස ගොයම් පැල සිටුවීමේ කටයුතුවල නිරතවුණා. අනතුරුව ජනාධිපතිවරයා ඉරණමඩු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වී තිබෙනවා.
Update: Monday, 05 October 2015 - 19:09
-----------------------------------------------------
ලෝකයේ කිසිදු රටක් දැන් ශ්‍රී ලංකාව සමඟ සතුරු නැහැ - ජනපති
ලෝකයේ කිසිදු රටක් දැන් ශ්‍රී ලංකාව සමඟ සතුරු නොමැති බවත්, සංවර්ධනය උදෙසා හොඳම යුගය එළඹී ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට කිලිනොච්චිය - ඉරණමඩු - වඞ්ඩකච්චි හිදී අද පෙරවරුවේ එක්වෙමිින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ අලූත් ආණ්ඩුව දුගීකම තුරන් කිරීම සඳහා ප්රමුඛව ක්‍රියාකරමින් කටයුතු කරන බවයි.
පසුව ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලූ කිහිපදෙනෙකු කුඹුරට බැස ගොයම් පැල සිටුවීමේ කටයුතුවල නිරතවුණා.
Follow US
Most Viewed Stories