Update: සිසුන් 24,343ක් සාමාන්‍ය ක්‍රමයෙන් සරසවි යයි

Monday, 05 October 2015 - 13:19

Update%3A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+24%2C343%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2014 / 2015 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 24,343 දෙනෙකු විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර ප්‍රකාශ කළා. ඒ එම අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්. මෙම කඩඉම් ලකුණු www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.  මේ අතර 1919 කෙටි දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය  තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ද එම කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.  

නොවැම්බර් මාසය වනවිට වෛද්‍ය සහ ඉංජිනේරු පාඨමාලා ආරම්භ කරන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර කියා සිටියා. නව පාඨමාලා දෙකක් මෙවර විශ්වවිද්‍යාලවලට හඳුන්වාදී ඇති බව ද ඔහු සඳහන් කළා.

Update: Monday, 05 October 2015 - 19:37
---------------------------------------------
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2014 - 2015 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේ අද මධ්‍යහ්න 12 සිට www.ugc.ac.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු දැනගැනීමේ හැකියාව පවතින බවයි.   මේ අතර 19 19 කෙටි දුරකථන ඔස්සේ රාජ්‍ය  තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් ද කඩඉම් ලකුණු දැනගැනීමට අවස්ථාව උදාවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories