Update: මෙරට සංහිදියාව සහ ආර්ථිකය ගොඩනැංවීම සඳහා විශේෂ කාර්ය භාරයක් ජපානයට පැවරී තිබෙනවා

Tuesday, 06 October 2015 - 7:57

Update%3A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
යහපාලන ආණ්ඩුව ජාතික සංහිදියාව සහ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සහයෝගය ලබාදීමේ විශේෂ කාර්ය භාරයක් ජපානයට පැවරී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ජපාන පාර්ලිමේන්තුව අමතමින්. මේ අතර, මෙහිදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කර ඇත්තේ නව රජය ජාතික සංහිදියාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහයෝගයක් ලබාදීමට ජපානය සූදානම් බවයි.

Update: Tuesday, 06 October 2015 - 9:11
-------------------------------------------------

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපාන පාර්ලිමේන්තුව ඇමතීම ඇරඹේ

ජපානයේ  නිළ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මේ වන විට එරට පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කර තිබෙනවා. ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වන විදේශීය නායකයා වන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. මීට පෙර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන පාර්ලිමේන්තුව අමතා තිබෙනවා.

Update: Tuesday, 06 October 2015 - 8:24
-------------------------------------------------

ශ්‍රී ලංකා - ජපාන නිළ ද්වි පාර්ශවික සාකච්ඡා අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ටෝකියෝ නුවර දී අද නැවතත් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවනවා. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වි පාර්ශවික නිළ සාකච්ඡා පැවැත්වෙන්නේ ද අදයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අද එරට පාර්ලිමේන්තුව ඇමතීම ද අද සිදුවනවා. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හැරුණු විට ජපාන පාර්ලිමේන්තුව අමතන ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නියෝජිතයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

මේ අතර, මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් පැවැති ගැටළුව විසදීමට රජය සමත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. සංහිදියාව සහ එකමුතුව ඇති කිරීම ඊළඟ පියවර බවයි එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රැදී සිටින ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී මෙම හමුව ඊයේ පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories