UPDATE: කොටකෙතන ඝාතනය ගැන ප්‍රකාශ 50ක්

Tuesday, 06 October 2015 - 14:05

UPDATE%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+50%E0%B6%9A%E0%B7%8A
කහවත්ත -  ඕපාතවත්ත ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බවයි.

කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා 48 හැවිරිදි නාගම් පාපු නැමති දෙදරු මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා. පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවූයේ ඇයගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 5 ක් තිබූ බවයිි.

කාන්තාවගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා සහ බොරැල්ල ජීන් ටෙක් ආයතනයට ද යොමුකළා.  කෙසේ වෙතත් ඇය  ඝාතනය කර අදට දින 9 ක් ඉකුත්වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

Update: Tuesday, 06 October 2015 - 18:39
-----------------------------------------------------

කහවත්ත කාන්තා ඝානතය සම්බන්ධයෙන් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

කහවත්ත -  ඕපාතවත්ත ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ඔහු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණයෙන් යුක්ත නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories