මතුගම කන්දකින් අසාමාන්‍ය ජල දහරාවක්

Tuesday, 06 October 2015 - 15:51

%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%AF%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මතුගම - අගලවත්ත - කිතුල්ගොඩකන්දේ එක් ප්‍රදේශයකින් අසාමාන්‍ය ලෙස ජලය ගලා ඒමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. කන්ද ආශ්‍රිතව වතු නිවාස 20 ක් පමණ පිහිටා ඇති බැවින් ජනතාව මෙම තත්ත්වය හේතුවෙන් බියට පත්වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් විමසීමක් කළ අතර එහි නායයෑම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මේ වනවිටත් නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories