UPDATE: ජනක බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට -

Tuesday, 06 October 2015 - 16:23

UPDATE%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-
හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ 1999 වසරේ දෙසැම්බර් මස 14 වනදා මාතලේ - දඹුල්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

විමර්ශනයට අදාළව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට දන්වා තිබුණා. එහෙත් ඔහු එලෙස පෙනී නොසිට  ඊයේ පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

මේ පිිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුතෙකු වන මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මෙම සිද්ධියට අදාළව අධිකරණයේ නඩුවක් දැනටත් විභාගවෙමින් පවතින බවයි. එවැනි තත්ත්වයක් තිබියදී තම පියා හදිසියේ අත්අඩංගුවට ගැනීම ගැටළු සහගත බව ඔහු සඳහන් කළා.



Update: Tuesday, 06 October 2015 - 18:39
-----------------------------------------------------
ජනක බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට


හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පුත් මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තම පියා අත්අඩංගුවට ගත් බවයි. 1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories