මැණික් ගල් මාලයක් සහ DVD ඉල්ලා කොටදෙණියාව පාසල් සිසුවා පොලිස්පතිට ලියයි

Tuesday, 06 October 2015 - 19:39

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+DVD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවා පොලිස්පතිවරයාට අද (06) ලිපියක් යවා තිබෙනවා. ඒ, පොලීසිය භාරයේ තිබෙන ජංගම දුරකථන 3ක්, DVD පට සහ අපල සඳහා පැළඳු මැණික් ගල් 4 ක් ඇල්ලූ රිදී පෙත්තක් සහිත මාලය මෙන්ම ලැප්ටොප් පරිගණකය ආදී භාණ්ඩ යළි තමාට ලබාදෙන ලෙස ඉල්ලමින්. එහි පිටපත් තමන් ජනාධිපතිවරයාට මෙන්ම නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයාට ද යොමු කළ බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.  

මේ අතර කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ වගකීම භාරගත් සමන් ජයලත් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා අද පෙරවරුවේ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත රැගෙනවිත් තිබුණා. ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ ලබාදුන් අවසරයකට අනුවයි. මොහු, සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා ද වනවා.

සේයා සදෙව්මි දැරියගේ ඝාතනයේ සම්පුර්ණ වගකීම තමන් භාර ගන්නා බව සැකකාර සමන් ජයලත් ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි. පසුව ඔහු මහේස්ත්‍රාත්වරයා වෙත පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories