කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඞී.එන්.ඒ සමඟ ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ ඞී.එන්.ඒ නොගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්රාත් ඞී.ඒ.රුවන්පතිරණ අද (07) ප්රකාශ කළා. ඒ කොණ්ඩයාගේ ඞී.එන්.ඒ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පළමුව අත්අඩගුවට ගත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙක්. ඔවුන්ගේ ඞී.එන්.ඒ වාර්තා දැරියගේ ඞී.එන්.ඒ වාර්තා සමඟ නොගැලපීම නිසා පාසල් සිසුවා සහ එක්දරු පියා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. මෙම පරීක්ෂණ අතරතුරයි දුනේෂ් ප්රියශාන්ත හෙවත් කොණ්ඩයා පොලිස් අත්අඩංගුවට පත් වුණේ. තමා සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ බවට ඔහු ප්රකාශ කළේයැයි විවිධ වාර්තා පළ වුණේ ඒ අතරතුරයි. ඒ අනුව, කොණ්ඩයා ඞී.එන්.ඒ පරීක්ෂාවක් සඳහා බොරැල්ල ජීන්ටෙක් ආයතනය වෙත යොමුකළ අතර එම පරීක්ෂණයේ වාර්තාවයි අද අධිකරණයට ඉදිරිපත් කළේ.
කෙසේ වෙතත්, සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කොණ්ඩයාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් ද පොලිසිය අත්අඩංගුවට ගත් අතර ඔහු ඝාතනයේ වගකීම ද භාර ගෙන තිබුණා. එම මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා හමුවේ පැය දෙකකට ආසන්න කාලයක් සමන් ජයලත් පෙරේදා පාපොච්චාරණයක් ද සිදුකරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු ද
ඊයේ ඞී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත රැගෙනවිත් තිබුණා. එහි වාර්තාව මෙතෙක් නිකුත් වී නැහැ.
මේ අතර, කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවා පොලිස්පතිවරයාට ඊයේ ලිපියක් යවා තිබුණා. ඒ පොලීසිය භාරයේ තිබෙන ජංගම දුරකථන 3ක්, ඞීවීඞී. පට සහ අපල සඳහා පැළඳු මැණික් ගල් 4 ක් ඇල්ලූ රිදී පෙත්තක් සහිත මාලය මෙන්ම ලැප්ටොප් පරිගණකය තමාට ලබාදෙන ලෙස ඉල්ලමින්.
Follow US
Most Viewed Stories