UPDATE: ජනක බණ්ඩාර තෙන්නකෝන් 20 දක්වා රිමාන්ඩ්

Wednesday, 07 October 2015 - 13:33

UPDATE%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+20+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ මස 20 වන දින දක්වා අද  (07) රක්ෂිත බන්ධනාගාර කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත්ව සිටින පෞද්ගලික රෝහල වෙත අද පෙරවරුවේ ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ මස 20 වන දා මන්ත්‍රීවරයා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නිලධාරීන් භාරයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ඔහුව ඉදිරියේදී බන්ධනාගාර නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත්තේ 1999 වසරේ මාතලේ - දඹුල්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ මාතලේ - පල්ලෙපොල - රතලවැව ප්‍රදේශයේ පදිංචි සමන්ත කුමාර නමැති 18 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ පියා වන ඒ.ඞී. ලක්ෂ්මන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තම පුතාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.



Update: Wednesday, 07 October 2015 - 19:01
---------------------------------------------------------
 ජනක බණ්ඩාර තෙන්නකෝන් රිමාන්ඩ්

1999 වසරේ මාතලේ - දඩල්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත්ව සිටින පෞද්ගලික රෝහල වෙත අද පෙරවරුවේ ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නා.

Update: Wednesday, 07 October 2015 - 14:21
------------------------------------------------------
CID අත්අඩංගුවේ සිටින ජනක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවට

දැනට අත්අඩංගුවේ පසුවන හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් පරීක්ෂා කිරීම සඳහා අද උදෑසන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත්ව සිටින පෞද්ගලික රෝහල වෙත පැමිණියා. අනතුරුව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සැකපිට අත්අඩංගුවට ගත්තේ 1999 වසරේ මාතලේ - දඹුල්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊට අදාළ විමර්ශනයට අදාළව පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට දන්වා තිබූ බවයි. එහෙත් ඔහු එලෙස පෙනී නොසිට  කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories