වව්නියාව හිටපු D.I.G. යළි රිමාන්ඞ්

Wednesday, 07 October 2015 - 13:35

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+D.I.G.+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක සහ තවත් පොලිස් පරීක්ෂකවරයෙකු මේ මස 21 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ අනෙකුත් සැකකරුවන් 7 දෙනා පසුගිය 30 වනදා දඩ නියම කිරීමෙන් පසු මුදා හැරුණා. ඒ ඔවුන් අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන්. එහෙත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ දිසානායක සහ අදාළ පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories