UPDATE: ගෝඨාගෙන් අදත් බරපතල වංචා - දුෂණ ගැන අසයි

Thursday, 08 October 2015 - 11:26

UPDATE%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළිත් වරක් අද (08) බරපතල වංචා  සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ, රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුට අමතරව මෙම සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු වූ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුද අද මෙම කොමිසම හමුවේ පෙනී සිටියා. මෙම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සාක්ෂි විමසීම හෙට අවසන් කරන බවයි.

මීට පෙර පසුගිය 17 සහ 18 යන දිනවලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතල වංචා  සොයන ජනාධීපති කොමිසම වෙත පැමිණියා.

Update: Wednesday, 08 October 2015 - 12:30
-------------------------------------------------------
රක්නා ලංකා පිළිබද ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , බරපතල වංචා - දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.

රක්නා ලංකා පිළිබද තවදුරටත් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු 9 දෙනෙකුට අද (08) පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත් පැමිණ ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග කිහිපදෙනෙකු පමණක් බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක දී කොමිසම හමුවේ පෙනී සිටියා.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (06) කල් දමනු ලැබුවා. අදාළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ පෙත්සම ලබන වසරේ ජනවාරි 28 වනදා විභාගයට ගැනීමටයි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාකරණය හමුවේ ගොනුකර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories