UPDATE: කොටදෙණියාව පාසල් සිසුවා වෙනුවෙන් මානව හිමිකම් පැමිණිල්ල විභාගයට

Thursday, 08 October 2015 - 12:18

UPDATE%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් වූ 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල අද විභාගයට ගැනුනා. ඒ සඳහා පාසල් සිසුවා මෙන්ම අනෙක් පුද්ගලයා වන එක් දරු පියාද එම අවස්ථාවට එක්වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

17 හැවිරිදි පාසල් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය පසුගිය මස 30 වනදා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකළා. එමගින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. පාසල් සිසුවෙකු යම් වරදකට අත්අඩංගුවට ගන්නේ නම් ඊට අදාළ නිර්ණායකද සකස් කරන ලෙස ඔවුන් අද ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.  

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සහ 17 හැවිරිදි පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ද අද මානව හිමිකම් කොමිසමට පැමිණ සිටියා.


 
Update: Wednesday, 08 October 2015 - 12:30
-------------------------------------------------------

කොටදෙනියාවේ සිසුවාගෙන් පොලිසියට එරෙහිව වෙනම පැමිණිල්ලක්


කොටදෙණියාව සේයා දැරියගේ  ඝාතනයට  නීති විරෝධීව පාසල් සිසුවෙකු  අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ  ලේකම් ජෝෂප් ස්ටාලින්  කළ පැමිණිල්ල  විභාගයට ගැනෙයි. ඒ අනුව  එම පාසල් සිසුවා හා ඔහු සමඟ නිදහස් කළ එක්දරු පියාද අද (08) මානව හිමිකම් කොමිසමට පැමිණ සිටියා.

ලංකා ගුරු සංගමයේ නියෝජිතයන් සහ ගුරු වෘත්තිය සමිති නායකයන් පිරිසක් ද  මානව හිමිකම් කොමිසමට  පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories