පරාජිතයන් ගැන ඩිව්ගේ පෙත්සම ඉවතට

Thursday, 08 October 2015 - 14:08

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
පරාජිත අපේක්ෂකයන් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළා. එම පෙත්සම විභාගයට ගැනුණේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි. මැතිවරණ කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණු මන්ත්‍රීවරුන් 11 දෙනා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය දිගින් දිගටම තර්ක කරනු ලැබුවේ පරාජිත අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට පත් කළ හැකි බවට සඳහන් වන 14 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ සංශෝධනයක් නොවන බවයි. 1988 වසරේදී 14 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින්. එම වසරේ මැයි 3 වනදා මෙය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කෙරුණා.

14 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත හෝ සම්මත කර ගැනීමේදී මන්ත්‍රීවරුන් ඡුන්දය ලබාදුන් පනත් කෙටුම්පතෙහි පරාජිත අපේක්ෂකයින්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ හැකි බවට සඳහනක් නොතිබුණු බවයි කොමියුනිස්ට් පක්ෂය පෙත්සමෙහි දක්වා තිබුණේ.

අද (08) දිනයේ මෙම පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදී වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මූලික විරෝධතා මතු කළා. ඔවුන් පෙන්වා දුන්නේ 14 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී මේ වනවිට නීතියක් බවට පත්ව ඇති බවයි. එවැනි නීතියක් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බව ඔවුන් අධිකරණයේදී කියා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභ කළා. එහිදී අගවිනිසුරුවරයා කියා සිටියේ කථානායකවරයා පනතකට අත්සන් තැබීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පිළිබඳ නියෝග නිකුත් කළ නොහැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories