මහබැංකු මාරුවීම් ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු

Thursday, 08 October 2015 - 19:13

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
මහබැංකුවේ ඇතැම් සේවකයන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ වසර 5 කට වැඩි කාලයක් ඔවුන් එහි සේවය කිරීමේ පදනම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහබැංකුවේ සේවකයන් පිරිසකට ස්ථානමාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ස්ථාවර නියෝග 17 යටතේ සිදුකළ විමසීමකට පිළිතුරු ලෙසයි.

පාර්ලිමේන්තුව ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 17 යටතේ කල්තැබීමේ විවාදයක් සඳහා අවසර ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත්, කතානායකවරයා කියා සිටියේ මෙම ඉල්ලීම හදිසියේ සිදුකර ඇති නිසා එවැන්නක් සඳහා අවසර ලබාදිය නොහැකි බවයි. කෙසේ වෙතත්, දිගින් දිගටම සභාව තුළ සිදුවු සංවාද හමුවේ විනාඩි 10 කට සභාව කල්තැබීමට කතානායකවරයා තීරණය කළා. නැවත සභාව රැස්වීමෙන් පසු කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කල්තැබීමේ විවාදයක් සඳහා අවසර ලබාදිය නොහැකි අතර, යෝජනාව පිළිබඳ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අවසර ලබාදෙන බවයි. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර, ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහ බැංකුවේ සේවකයන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධව පැහැදිලි කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories