ජනතා සහනාධාරවල පූර්ණ වෙනසක් - ජනපති

Thursday, 08 October 2015 - 20:36

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මෙරට දුගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි ව්‍යාපාරය, නිවාස සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සහනාධාර ක්‍රම පූර්ණ වෙනසකට ලක්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 2635 ක් පිරිනැමීම වෙනුවෙන් ඊයේ (08) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ සහනාධාර ක්‍රමවේදයන් පූර්ණ වෙනසකට ලක් කිරීමට අවශ්‍ය උපදෙස් විෂය භාර අමාත්‍ය එස්.බී.දිසානායක වෙත ලබාදී ඇති බවයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති තීරණය පිළිබඳව දැනුම්දීම සඳහා මොවුන් ජනාධිපතිවරයා හමුවී ඇති බව සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයට ස්තුති කළ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලූ ආයතන සමඟ ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට රජය කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories