කෝටි 91ක් දෙන්නම්- ඇවන්ට්ගාඩ් , රක්නාලංකාට පොරොන්දු වෙයි.

Friday, 09 October 2015 - 8:37

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-++%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%2C+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
රක්නාලංකා ආයතනය මගින් තමන් ලබාගත් සේවය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 91ක මුදල ඉදිරි මාස 10 තුළ ගෙවා නිම කිරීමට ඇවන්ට්ගාඩ්  සමාගම පොරොන්දු වී තිබෙනවා. බරපතල වංචා, දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සාක්ෂි ලබා ගැනීම ඊයේ (08) දිනයේ ද සිදුකෙරුණා.

ඇවන්ට්ගාඩ්  සමාගම අදාළ හිග මුදල රක්නාලංකා සමාගම වෙත ගෙවීමට පොරොන්දු වූ බව රක්නාලංකා සමාගමේ ගණකාධිකාරි ප්‍රසාද් ඉන්දික එහිදී දැනුම් දුන්නා. ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ 2009 වසරේ සිට වසර 2ක් තම සමාගම රජයට ලාභාංශ ගෙවීමට කටයුතු කළ ද ඉන් අනතුරුව සමාගම පාඩු ලැබූ බවයි.

රක්නාලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ නැවත වරක් බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ද ඊයේ කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සාක්ෂි විමසීම අද දිනයේ අවසන් කරන බවයි.

මේ අතර, ආයුධ තොගයක් සමග ගාල්ල වරායට ආසන්නයට පැමිණි ඇවන්ට්ගාඩ්  නෞකාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ ප්‍රකාශ කළා. පසුගිය ඔක්තෝම්බර් 5 වනදා ගාල්ල වරායට ඇතුළු වීමට ඉල්ලීමක් කළ නෞකාව නාවික හමුදාව විසින් පරීක්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව තහවුරු වුණා. එහි ශ්‍රී ලාංකික කපිතාන්වරයෙකු සිටින බව සමාගම දන්වා තිබූ අතර, ආයුධ පැවති බවක් ද හෙළිදරව් කර තිබුණේ නැහැ.

ලොව නාවික යාත්‍රා සම්බන්ධයෙන් තොරතුරු අඩංගු මැරිටයිම් ට්‍රැෆික් වෙබ් අඩවියට අනුව ඇවන්ට්ගාඩ්  නෞකාව පසුගිය සැප්තැම්බර් 10 වනදා නික්මී ඇත්තේ සුඩාන වරායකින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories