ඇමෙරිකානු යෝජනාව ජයග්‍රහණයක් නොවේ - ජවිපෙ

Friday, 09 October 2015 - 9:07

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ ඇමෙරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ හිරු ටී.වී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්. ජිනීවා යෝජනාවට සත්කාරකත්වය දැක්වීමෙන් රජය ජාත්‍යන්තරයට මුහුණදීමේ ප්‍රවේශයක් ලබාගෙන ඇති බවයි වැඩසටහනට එක්වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ. ඊයේ (08) විකාශය වූ බලය වැඩසටහනට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ද සහභාගි වුණා. වැඩසටහනේ එක් අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අදහස් පළ කළේ මෙලෙසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories