Update: අරණායක බෝධි ප්‍රාකාරයට පහරදීම ගැන පරීක්ෂණ ඇරඹේ

Friday, 09 October 2015 - 13:48

Update%3A+%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කෑගල්ල - අරණායක නගර මධ්‍යයේ පිහිටා ඇති බෝධීන් වහන්සේ වටා ඉදිකර තිබෙන ප්‍රාකාරයට හානි කළ පුද්ගලයන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම බෝධීන් වහන්සේ දිනපතා නගරයට පැමිණෙන ජනතාව වැද පුදා ගන්නා අතර, එහි ඇති පිං කැටයට පඬුරු දමා යාම ද සිරිතක් කරගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් එම බෝධි ප්‍රාකාරයට පහර දී ඒ වටා තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමකට හානි සිදුකර තිබෙනවා.

Update: Friday, 09 October 2015 - 16:57
--------------------------------------------------

අරණායක අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප්‍රාකාරයට  ඊයේ (08)  රාත්‍රියේ  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද  විනාශ කර තිබේ.

අරණයාක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප්‍රාකාරය වටා ඇති, අටවිසි ප්‍රතිමාවන්  වසර 10කට පමණ පෙර  තැන්පත්කර ඇත.

 නගරවාසින් මෙන්ම බොහෝ පිටස්තර පිරිස් දිනපතා මෙහි වන්දනාමාන කටයුතු කරයි. අශිර්වාදපතා  එහි ඇති පිංකැටයට පඩුරු දැමීමද  නිරන්තරයෙන් සිදු වේ.

 බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ බුදු කුටිවලට හානි කිරීම පිළිබඳ  අරණායක පොලිසිය විමර්ශන පවත්වයි.






(ඡායාරූප - කෑගල්ල සමන් විජය බංඩාර)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories