නීති කඩමින් අලෙවි කරන ආහාර ගැන තොරතුරු ඉල්ලයි

Friday, 09 October 2015 - 15:24

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාරිභෝගික නීති උල්ලංගණය කරමින් රසකැවිළි, බිස්කට්, චොක්ලට් සහ කේක් අලෙවි කරන වෙළඳුන් පිළිබඳ වහාම තොරතුරු දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මිල, නිෂ්පාදිත දිනය, සැපයුම්කරුගේ නම යන තොරතුරු ඇතුළත් නොකර ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ බිස්කට් සහ චොක්ලට් තොගයක් අධිකාරියේ නිලධාරීන් පසුගිය දා දෙහිවල දී අත්අඩංගුවට ගත්තා. මෙම බිස්කට් සහ චොක්ලට් ආනයනය කර තිබුණේ එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබියෙන්. ඒවා බෙදා හැරීම සඳහා සූදානම් වූ පුද්ගලයන් අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ට එහිදී දඩ නියම කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories