අල්ලස් ඇතුළු ස්වාධීන කොමිෂන් 4කට නව සාමාජිකයන් පත් කෙරේ

Friday, 09 October 2015 - 19:13

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් ස්ථාපිත කෙරුණු කොමිෂන් සභා 04ක් සඳහා අද සාමාජිකයින් නම් කෙරුණා. ඒ කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති  ව්‍යවස්ථා සභා රැස්වීමේදීයි. පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ඇතුළු ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සාමාජිකයන් 10 දෙනාම සහභාගි වුණා.

මෙහිදී අල්ලස් හෝ දූෂණ, ශ්‍රී ලංකා මානව හිමිකම්, රාජ්‍ය සේවා සහ ජාතික පොලිස් යන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කර තිබෙනවා. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් 03 දෙනෙක්, මානව හිමිකම් කොමිසන් සභාවට සාමාජිකයන් 05 දෙනෙකු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සාමාජිකයන් 09 දෙනෙකු නම් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවට නම් කර ඇති සාමාජිකයන් සංඛ්‍යාව 07ක්.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, නීල් ඉද්දවල සඳහන් කළේ අදාල සාමාජිකයන්ගේ නම් ව්‍යවස්ථා සභා රැස්වීමෙන් පසුව අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි. ඒ ඒ කොමිෂන් සභාවන්ට සාමාජිකයන් තුන්දෙනා බැගින් සභාපති ධුරයන්ට සුදුසු බව එමගින් දන්වා යැවූ බව ද ඔහු සදහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා 10ක් ස්ථාපනය කිරීමට නියමිතයි. එහි සාමාජිකයන් හතලිස් දෙදෙනෙකු සඳහා අයදුම් පත් 441ක් ලැබී තිබුණා. කෙසේ වෙතත්, අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් මේ වනවිටත් පත් කර තිබෙනවා. ඒ අනුව මූල්‍ය, මැතිවරණ, විගණන සේවා, සීමා නිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන යන ඉතිරි කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව නැවත රැස්වන ලබන මස 04 වැනිදා තීරණය කරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories