Update : කොළඹ නව රථ වාහන සැලැස්මේ අද (10) දවසේ අත්හදා බැලීම

Saturday, 10 October 2015 - 8:49

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%2810%29+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8
පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගත් නව රථවාහන සැලැස්මක් අද (10) සහ හෙට (11) අත්හදා බැලෙනවා. ඒ යටතේ සතියේ දිනවල වැලිකඩ හන්දියේ සිට හෝර්ටන් වටරවුම දක්වා රථවාහන එක් දිශාවකට ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පෙරවරු 10.30 සිට 11.30 දක්වාත්, හෙට පෙරවරු 7.30ට සිට 8.45 දක්වාත් පැවැත්වෙනු ඇති. එසේම මහරගම නගරයේ රථ වාහන පෙරහුරුව හෙට පෙරවරු 9 සිට 10 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව වැලිකඩ හන්දිය දෙස සිට ආයූර්වේද හන්දිය දක්වා ජයවර්ධනපුර මාර්ගයේ පාර්ලිමේන්තුව දෙස සිට කොල්ලූපිටිය දෙසට, ආයූර්වේද හන්දියේ සිට වැලිකඩ හන්දිය දක්වා පරණ රාජගිරිය පාර බොරැල්ල දෙස සිට පාර්ලිමේන්තුව දෙසට, දේවිබාලිකා විද්‍යාලය අසල සිට හෝර්ටන් වටරවුම දක්වා ජයවර්ධනපුර පාර හා හෝර්ටන් පාර වැලිකඩ දෙස සිට කොල්ලූපිටිය දෙසට, ග්‍රෙගරි පාර මේට්ලන්ඞ් ක්‍රසන්ට් හන්දියේ සිට කිංසි පාර දෙසට, පරණ බුලර්ස් පාර කනත්ත වටරවුමේ සිට දේවිබාලිකා හන්දියේ සිට වැලිකඩ දෙසට තනි දිශාවකට වාහන ගමන් කළ යුතුයි.

මහරගම නගරයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව රථවාහන සැලැස්මට අනුව හෝමාගම සිට කොළඹ දෙසට යාමට ඇති ප්‍රධාන මාර්ගයේ මංතීරු 04 න් එක් මංතීරුවක් කොළඹ දෙස සිට හෝමාගම දෙසට යාමට ඉඩ ලබාදීම සහ එම මංතීරුවෙන් දෙහිවලට යන වාහනවලටද ගමන් කිරීමට ඉඩ සලසා දීම  සිදුකෙරෙනු ඇති.

මේ අතර, අයහපත් කාලගුණය නිසා නාය යාමේ අවදානමක් හේතුවෙන් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූවේ සිට ඉමදූව දක්වා කොටස ඊයේ රාත්‍රියේ සිට නැවත විවෘත කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.




මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
http://goo.gl/kyXhzf



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories