මරණ දඬුවමට එරෙහි වීම ගැන ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ ප්‍රසාදය

Saturday, 10 October 2015 - 14:03

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා වන ජගත් සංවිධාන යෝජනාවට සහාය පළ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය පිළිබඳ යුරෝපා සංගමයේ ප්‍රසාදය පළ වී තිබෙනවා. කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යුරෝපා සංගමයේ රටවල් වන නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සියලූ අවස්ථාවන්හිදී මරණ දඬුවමට එරෙහි වන බවයි. මිනිසත්බවේ ගෞරවයට හානි කර වූ මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකමක් වන ජීවත්වීම සඳහා පවතින විශ්ව අයිතිය උල්ලංගණය කිරීමක් බැවින් මරණ දඬුවම කාලෝචිත නොවන බව යුරෝපා සංගමය පෙන්වා දෙනවා.

මේ නිසා එය ලෝකයෙන් පිටු දැකිය යුතු පිළිවෙතක් බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ. ආපසු හැරවිය නොහැකි මරණ දඩුවම හේතුවෙන් අපරාධ අඩු වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකාවේ තීරණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් යුරෝපා සංගමය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories