පිළියන්දල අවට විශේෂ රථවාහන සැලැස්මක්

Saturday, 10 October 2015 - 15:38

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පිළියන්දල - ගනේවත්ත දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහර හේතුවෙන් අද (10) රාත්‍රී 9 සිට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. පෙරහර - ගනේවත්ත දේවාලයෙන් ආරම්භ වී මහරගම පාරේ - වටමාවතට පැමිණ කොළඹ - හොරණ මාර්ගය ඔස්සේ මිරිස්වත්ත මංසන්ධියට ළගා වනවා. පසුව ගල්කිස්ස - කොට්ටාව මාර්ගයේ විදුලි සංඥා පුවරු අසලින් හැරී නැවත පිළියන්දල විදුලි සංඥා හන්දිය අසලට පැමිණ පිළියන්දල මහරගම මාර්ගයේ යළි දේවාලයට ළගා වීමට නියමිතයි.

එම නිසා පිළියන්දල අවට මෙම මාර්ගවල ගමන් කරන රථවාහන අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories