UPDATE: හොරාට ආව ඇවන්ට්ගාඩ් අවි නැව පිළිබඳ වාර්තාව හෙට ආරක්ෂක අමාත්‍යංශයට

Sunday, 11 October 2015 - 7:10

UPDATE%3A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%86%E0%B7%80+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A++%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%80++%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි  ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ඊයේ වනවිට අවසන් වූ බව නාවික හමුදාව පවසනවා. ඒ පිළිබඳ වාර්තාවක් හෙට දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඉන් අනතුරුව ස්වාධීන කමිටුවක් මගින් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති. නෞකාව සම්බන්ධයෙන් සිවිල් නීතිය අනුව මෙම පරීක්ෂණ කටයුතු පොලිසිය සිදුකරනු ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.

පසුගිය  මස 05වනදා ගාලූ වරායට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබූ මෙම නෞකාව පිළිබඳව නාවික හමුදාවට සැක මතු වී තිබුණා. ඒ අනුවයි නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම නැව වෙත ගොස් පරීක්ෂා කරනු ලැබුවේ.

එහිදී නැවේ කපිතාන්වරයා තමන් ශ්‍රී ලාංකිකයෙකු බව ප්‍රකාශ කළද පසුව අනාවරණය වුණේ ඔහු යුක්රේන ජාතිකයෙකු බවයි. එමෙන්ම රක්නා ලංකා සමාගමට භාරදීමට ආයුධ රැගෙන ආ බවටද නාවික හමුදා මූලික පරීක්ෂණවලදී හෙළි වුණා. මෙලෙස පරස්පර තොරතුරු ලබාදීම හේතුවෙන් ඇවන්ට්ගාඩ් නෞකාව පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමටයි නාවික හමුදාව තීරණය කළේ.

Update: Sunday, 11 October 2015 - 07:25
---------------------------------------------------
ඇවන්ට්ගාඩ් අවි නැව ගැන නාවික හමුදා පරීක්ෂණ අවසන්

පසුගිය 05 වන දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි, ගාල්ල මුහුදේ නැංගුරම්ලා ඇති ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙට (12)  ආරක්ෂක අමාත්‍යංශයට භාර දෙන බව නාවික හමුදාව පවසයි. නෞකාව පැමිණ ඇත්තේ  සුඩානයේ සිටයි. වෙරළ ආ‍රක්ෂක දෙපාර්තමේන්තුව ද   විමර්ශනවලට සහය දක්වයි.

වරායට ඇතුළුවීම සඳහා කපිතාන්වරයා නෞකාව පිළිබඳ ලබා දුන් තොරතුරු සාවද්‍ය බව නාවික හමුදාව පැවසුවා. එහි අවි ඇති බව නාවික හමුදාව සොයාගත්තා.  ඒ අනුවයි  නෞකාව, නාවික හමුදා භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories