බන්ධනාගාර නියාමකයෙකුගේ අලුත් ජාවාරම

Sunday, 11 October 2015 - 7:39

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසමින් පුද්ගලයෙකුගෙන් කප්පම් ලබාගත් බන්ධනාගාර නියාමකවරයෙකු පොලීසිය ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුට දුරකථනයෙන් අමතා පවසා තිබුණේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බවයි.

ත්‍රිරෝද රථයක් අලෙවි කිරීමේදී ව්‍යාජ ලේඛන සකස් කිරීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 25000ක් ගිණුමකට යොමු කරන  ලෙසත් පවසා තිබෙනවා.  පසුව අදාළ පුද්ගලයාද එම මුදල ගිණුම් ගතකර ඇති අතර, ලැබුණු තොරතුරු ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බවට හඟවමින් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයා බන්ධනාගාර නියාමකවරයෙක් බවට මේ වනවිට අනාවරණ වී ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories