ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකුට දිවි නසාගැනීමට තැත් කිරීමේ චෝදනා

Sunday, 11 October 2015 - 7:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මාරාන්තික උපවාසයක නිරතවූ තමිල්නාඩුවේ විශේෂ කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයන් 8 දෙනෙකු ප්‍රාන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඔවුන්ට එරෙහිව දිවිනසා ගැනීමේ චෝදනා ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෙම කඳවුරේ ඉන්දීය පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පනත යටතේ සහ මිනිස් ජාවාරම්වල නිරතවූ  ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු රඳවා සිටියා.

එහි සිටි 8 දෙනෙකු පසුගිය 1 වනදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ බැවින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු චෙන්නායි නුවර මහත්මාගාන්ධි අනුස්මරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories