රුසියාව - සිරියාවේ ගුවන් ප්‍රහාර උත්සන්න කරයි

Sunday, 11 October 2015 - 9:49

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි ගුවන් ප්‍රහාර උත්සන්න කර ඇති බව රුසියාව පවසනවා. එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ සෙනසුරාදා උදෑසනින් අවසන් වූ පැය 24 තුළ අයි.එස්. ඉලක්ක 55 ක් වෙත රුසියානු ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වූ බවයි.

මේ අතර සිරියානු ගුවන් ප්‍රහාරවලදී එකිනෙක ගැටීම් වැළැක්වීම සඳහා රුසියාව සමඟ පැවති සාකච්ඡා  සාර්ථක වූ බවයි ඇමරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේ.

රුසියාව අයි.එස්. ඉලක්කවලට පමණක් නොව ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිවද ප්‍රහාර දියත් කරන බවද ඇමරිකාව මීට පෙර චෝදනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories